ගීතය පණිවිඩ හෝ උපදේශ දෙන මාධ්‍යයක්ද?
දේවයන් වහන්ස. මේ අවුල ලිහා ගන්න අදහසක් ආවේ 2017.08. 20
වැනිදා, ඉරිදා කොළඹ බණ්ඩාරනායක ජ්‍යාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණ අප
සහෝදර බණ්ඩාර ඇහැළියගොඩට උපහාර පිණිස පැවැත්වූ ' අසිරිමත් රාත්‍රීයේදීයි.
සෞන්දර්යය කියන්නේ අංග 4ක එකතුවක්. චිත්‍රහා මූර්ති,
සංගීතය, නර්තනය, නාටක හා රංග කලාව සහ සාහිත්‍යයයි. සිනමාවත් රූප රචනා පැත්තෙන් අපට
එක්කර ගන්න පුළුවනි.
මේ අතරින් සංගීතය තුළ හැඩ සංවිධාන වී සුසර වී උපදින්නේ
නාද සිත්තමක්. ඒ නාද සිත්තමට සුමියුරු කඩහඬින් සුගායනීය වදන් එක්වූ විට ඇති වන්නේ
අර්ථ සෞන්දර්යයක්. නමුත් අපේ රටේ ගේය පද රචක රචිකාවන් රසික සමූහයාගේ හැඟීම් සුසර
කරන. අනෙකාගේ හෘද සංවේදී වන දැනෙන, හැඟෙන උත්තම ගණයේ පද සංරචනා ලියා තිබේද? තිබෙන
මුත් ඒ ඉතා අල්පවශයෙනි.. නමුත් චිත්‍රපට හා ටෙලි නාට්‍ය ගීත මෙයට ඈඳා නොගනිමු
දේවයන් වහන්නස මොකෝ ඒවා කතාවේ සමස්තයට ගැළපෙන, රූපරාමුවලට ගැළපෙන ඒවා වන බැවින්.
අපේ රටේ ශුද්ධ කලාවක් නැහැ තමයි. ඒ නිසා හදවතින්
විඳින්නන් දුලබයි. අපට ගීත
වර්ග කරන්න පුළුවනි. විරෝධාකල්ප ගී. කම්කරු ගී. ළසෝ ගී. නැළැවිළි
ගී. ආගම් ගී. දේශානුරාගී ගී සංසිද්ධි සහිත
ගී ආදී වශයෙනි. බණ්ඩාරගේ ගී බොහොමයක් උපදේශ ගී.. නමුත් ඒවා අමු නැහැ. සෞම්‍යයි. සුගායනීය පද.
ඖචිත්‍යයෙන් අනූන සංගීත නොහොත් නාද වර්ණ. ඕනෑනම් සසඳන්න. මේ
කවුදෝ අසිංහලයකු ලියා ඇති '' මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන්..අම්ම එයි
කියා....මව් පදවිය ඔබ ලබන ලදී. සිංහලත් මරලා දේවයන් වහන්ස. කරන්න දෙයක් නැහැ. අපි
බණ්ඩාර සහ ඒවගේ අනෙක් ප්‍රවීණයනුත් ලියන උපදේශ ගීතම අහමු.

