Search This Blog

Monday, 21 August 2017

ගීතය ගැන අවුලක්



ගීතය පණිවිඩ හෝ උපදේශ දෙන මාධ්‍යයක්ද?

දේවයන් වහන්ස. මේ අවුල ලිහා ගන්න අදහසක් ආවේ 2017.08. 20 වැනිදා, ඉරිදා කොළඹ බණ්ඩාරනායක ජ්‍යාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණ අප සහෝදර බණ්ඩාර ඇහැළියගොඩට උපහාර පිණිස පැවැත්වූ ' අසිරිමත් රාත්‍රීයේදීයි.
සෞන්දර්යය කියන්නේ අංග 4ක එකතුවක්. චිත්‍රහා මූර්ති, සංගීතය, නර්තනය, නාටක හා රංග කලාව සහ සාහිත්‍යයයි. සිනමාවත් රූප රචනා පැත්තෙන් අපට එක්කර ගන්න පුළුවනි.
මේ අතරින් සංගීතය තුළ හැඩ සංවිධාන වී සුසර වී උපදින්නේ නාද සිත්තමක්. ඒ නාද සිත්තමට සුමියුරු කඩහඬින් සුගායනීය වදන් එක්වූ විට ඇති වන්නේ අර්ථ සෞන්දර්යයක්. නමුත් අපේ රටේ ගේය පද රචක රචිකාවන් රසික සමූහයාගේ හැඟීම් සුසර කරන. අනෙකාගේ හෘද සංවේදී වන දැනෙන, හැ‍ඟෙන උත්තම ගණයේ පද සංරචනා ලියා තිබේද? තිබෙන මුත් ඒ ඉතා අල්පවශයෙනි.. නමුත් චිත්‍රපට හා ටෙලි නාට්‍ය ගීත මෙයට ඈඳා නොගනිමු දේවයන් වහන්නස මොකෝ ඒවා කතාවේ සමස්තයට ගැළපෙන, රූපරාමුවලට ගැළපෙන ඒවා වන බැවින්.
අපේ රටේ ශුද්ධ කලාවක් නැහැ තමයි. ඒ නිසා හදවතින් විඳින්නන් දුලබයි. අපට ගීත
වර්ග කරන්න පුළුවනි. විරෝධාකල්ප ගී. කම්කරු ගී. ළසෝ ගී. නැළැවිළි ගී. ආගම් ගී. දේශානුරාගී ගී  සංසිද්ධි සහිත ගී ආදී වශයෙනි. බණ්ඩාරගේ ගී බොහොමයක් උපදේශ ගී..  නමුත් ඒවා අමු නැහැ. සෞම්‍යයි. සුගායනීය පද. ඖචිත්‍යයෙන් අනූන සංගීත නොහොත් නාද වර්ණ. ඕනෑනම් සසඳන්න.  මේ  කවුදෝ අසිංහලයකු ලියා ඇති '' මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන්..අම්ම එයි කියා....මව් පදවිය ඔබ ලබන ලදී. සිංහලත් මරලා දේවයන් වහන්ස. කරන්න දෙයක් නැහැ. අපි බණ්ඩාර සහ ඒවගේ අනෙක් ප්‍රවීණයනුත් ලියන උපදේශ ගීතම අහමු.


Thursday, 17 August 2017

ස්වරූප නම් වූ සිනමා සිත්තම





පතිරාජගේ ස්වරූප

අපේ අවාසනාවට හරබර කාව්‍යයක් රස විඳීමට බැරි දුහුනන් පිරිච්ච ජන සමාජෙකට ධර්මසේන පතිරාජයන්ගේ ස්වරූප නම් වූ නව්‍ය හා අපූර්ව සිනමා නිර්මාණය බොහෝ ඈතයි දේවයන් වහන්ස..
එය නැරඹූ කෙනෙකුගෙන් එය නරඹුවේ නැති කෙනෙක් ස්වරූප හොඳද කියලා ඇහුවාම චිත්‍රපටය නැරඹූ කෙනා ඇඹරෙන්න ගන්නවා. ඒකට හේතුව ස්වරූප සිනමා සිත්තම හුදු කතන්දරකට එහා ගිය භෞතිකවාදයේත් විඤ්ඤාණවාදයේත් ද්වීඝටනය හන්දයි දේවයන් වහන්ස..මේක ඉපැරණි රුසියානු නවකතාවකින්, ප්‍රංශ ලේඛක ප්‍රාfන්ස් කfප්කාගේ නවකතාව ඇසුරෙන් ලියපු තිරනාටකයක්. ඒ තිරනාටකය ලියලා තියෙන්නෙ ප්‍රකට සාහිත්‍යවේදී එරික් ඉලප්ආරච්චි. ධර්මසේන පතිරාජයන්ගේ සම්මාදමත් ඇතිව. විනයන් සහිත රූප රචනයක් මගින් විඤ්ඤාණය කොනිත්තන ස්වරූප සිත්තමේ කැමරා කෝණ ප්‍රවීණ කැමරා ශිල්පී ඩොනල්ඩ් කරුණාරත්නගේ. සංගීත වර්ණ ප්‍රවීණ සංගීතවේදී නදීක ගුරුගේ ගෙන්. ඒ වගේම අද්වීතීය සංස්කරණයකුත් තිබෙනවා. චලන චිත්‍ර රූපාවලියේ ශික්ෂණය ස්වරූප සිනමා සිත්තම  තිබෙනවා  පුරාම දේවයන් වහන්ස..
නමුත් ඒක දුහුනන්ට වහකදුරු. ඒ වුණත් මට නම් හැ‍‍ඟෙන්නේ තිරනාටකය කතාවේ උසම තැනකින් පටන්අරගෙන ඒකට වෙනම හැඩයක් දෙන්න තිබුණා නේද කියලයි දේවයන් වහන්ස..
තවත් කාරණයක් මට කිත්සිරි කිවුවා. ඒ තමයි ලාල් හරීන්ද්‍රනාත්ගෙ කලා අධ්‍යක්ෂණයේ දුබලතාව. චිත්‍රපටයේ හැටියට හර්මන්ගේ කුලී බංගලාවෙ ජනේලෙ ඇරියාම විශාල කුණු කන්දක් පේනවා. එහෙම පේන්න පුළුවන්ද හැබෑට දේවයන් වහන්ස.
අනික ඒ කතාව 1940- 50  තරම් ඈතක ලියූවක්. ඒ කාලෙ අද  කෙලොන්නාවෙ වගේ කුණු කඳු තිබුණද? නැහැනෙ.
චිත්‍රපටයේ ග්‍රෙගරි කුරුමිණියකු බවට පත් වුණත්  ඒ කුරුමිණියාට පවුලේ අයගෙන් තම පුතුට යැයි සැලකුම් හා කෑම බීම යැවුණත් ඒ සතාගේ පැත්තෙන් කිසිම සන්නිවේදනයක් හෝ සංජානනයක්  හෝ එන්නේ නැහැ දේවයන් වහන්ස.. කලා අධ්‍යක්ෂණය චන්ද්‍රගුප්ත තේනුවරගේ යැයි සඳහන් වී තිබුණේ වැරදීමකින් දේවයන් වහන්ස.. සමාවෙන්න