අංගජාත කට්ටලේ...
වැඩට යන්න කියලා පාරෙ දුවන ප්‍රයිවෙට් බස්සෙකක නැග්ගා.
සෙනඟ පිරිලා. කට කපලා. පුට්බෝඩ්ඩෙකට පය තිවුවා විතරයි නැග්ග අය සල්ලි දෙන්න කියලා
කොන්දොස්තර කොල්ලා සෙනග මැද්දෙ ඉඳන් මොර දෙන්න පටන්ගත්තා. දේවයන් වහන්ස.. ඒ කොන්දා කොලූට නැග්ග එකා මොකා වුණත් කාරි නෑ.
සල්ලි විතරයි නෙ ඕන..
ඉතිං මාත් සෙනඟ මැද්දෙ තෙරපෙන්න ගත්තා. හුස්මක්කටක් ගන්න
බැරුව හිටපු මට ළඟම තියෙන සීට්ටෙකේ කොනක් හම්බ වුණා වාඩි වෙන්න වාසනාව පෑදිලා.
මං ඒ සීට්ටෙකේ වාඩි වෙච්ච වෙලාවෙ ඉඳන් මට එහා පැත්තෙ
වාඩිවෙලා හිටපු වයසක මහත්තයා මාව ටිකෙන්ටික තල්ලු කරන්න පටන්ගත්තා. මං උන්දැගේ
මූණ බැලුවා. උන්දෑ මගේ මූණත් බැලුවා. ඒ වුණාට කිසි කතාවක් බහක් නෑ. ආයෙ තල්ලුව
එනවා. මං කිසි දෙයක් නොකියා උන්දෑ ඉන්න
හැටි බැලුවා. ඉන්නෙ බූරු ඇඳ වගේ කකුල්දෙක පළල් කරගෙන. මගේ කල්පනාවට ආවෙ පිරිමි
දෙන්නෙකුට බස්සෙකේ ඉඩ මදිවෙන හේතුව. ඒ කිවුවෙ හැම පිරිමියෙක්ම කොහේ වාඩිවුණත්
තමන්ගේ අංගජාත කට්ටලේ බේරගෙන තමයි වාඩි වෙන්නෙ. ඒක තැළෙනව පොඩිවෙනවට මොන පිරිමියාද
කැමැති. හැබෑට දේවයන් වහන්ස.. පිරිමි දෙන්නෙක් එක පුංචි සීට්ටෙකක වාඩි වෙනවා නං එක පිරිමියෙකුට
සිද්ධ වෙනවා තමන්ගේ අංගජාත කට්ටලේ පොඩි පට්ටම් වුණත් කකුල්දෙක ළංකරං තද කරං ඉන්න. එතකොට නං සීට්ටෙකේ ඉඩ ඇති
වෙනවා. එහෙම නැත්නම්.. ඒ සීට්ටෙකේ ගෑනියෙකුටයි පිරිමියෙකුටයි නං ඉඩ තියෙනවා. මේ
කතාව හුඟාක් දෙනෙකුට තාමත් තේරෙන්නෙ නැත්තෙ මොකද දේවයන් වහන්ස.
No comments:
Post a Comment