අපේ අවාසනාවට හරබර කාව්‍යයක් රස විඳීමට බැරි දුහුනන්
පිරිච්ච ජන සමාජෙකට ධර්මසේන පතිරාජයන්ගේ ස්වරූප නම් වූ නව්‍ය හා අපූර්ව සිනමා
නිර්මාණය බොහෝ ඈතයි දේවයන් වහන්ස..
එය නැරඹූ කෙනෙකුගෙන් එය නරඹුවේ නැති කෙනෙක් ස්වරූප හොඳද
කියලා ඇහුවාම චිත්‍රපටය නැරඹූ කෙනා ඇඹරෙන්න ගන්නවා. ඒකට හේතුව ස්වරූප සිනමා සිත්තම
හුදු කතන්දරකට එහා ගිය භෞතිකවාදයේත් විඤ්ඤාණවාදයේත් ද්වීඝටනය හන්දයි දේවයන්
වහන්ස..මේක ඉපැරණි රුසියානු නවකතාවකින්, ප්‍රංශ ලේඛක ප්‍රාfන්ස් කfප්කාගේ නවකතාව ඇසුරෙන් ලියපු තිරනාටකයක්. ඒ තිරනාටකය ලියලා
තියෙන්නෙ ප්‍රකට සාහිත්‍යවේදී එරික් ඉලප්ආරච්චි. ධර්මසේන පතිරාජයන්ගේ සම්මාදමත්
ඇතිව. විනයන් සහිත රූප රචනයක් මගින් විඤ්ඤාණය කොනිත්තන ස්වරූප සිත්තමේ කැමරා කෝණ
ප්‍රවීණ කැමරා ශිල්පී ඩොනල්ඩ් කරුණාරත්නගේ. සංගීත වර්ණ ප්‍රවීණ සංගීතවේදී නදීක
ගුරුගේ ගෙන්. ඒ වගේම අද්වීතීය සංස්කරණයකුත් තිබෙනවා. චලන චිත්‍ර රූපාවලියේ ශික්ෂණය
ස්වරූප සිනමා සිත්තම තිබෙනවා පුරාම දේවයන් වහන්ස..
නමුත් ඒක දුහුනන්ට වහකදුරු. ඒ වුණත් මට නම් හැඟෙන්නේ
තිරනාටකය කතාවේ උසම තැනකින් පටන්අරගෙන ඒකට වෙනම හැඩයක් දෙන්න තිබුණා නේද කියලයි
දේවයන් වහන්ස..
තවත් කාරණයක් මට කිත්සිරි කිවුවා. ඒ තමයි ලාල් හරීන්ද්රනාත්ගෙ කලා අධ්‍යක්ෂණයේ දුබලතාව. චිත්‍රපටයේ හැටියට හර්මන්ගේ කුලී බංගලාවෙ ජනේලෙ
ඇරියාම විශාල කුණු කන්දක් පේනවා. එහෙම පේන්න පුළුවන්ද හැබෑට දේවයන් වහන්ස.
අනික ඒ කතාව 1940- 50 තරම් ඈතක ලියූවක්. ඒ කාලෙ අද කෙලොන්නාවෙ වගේ කුණු කඳු තිබුණද? නැහැනෙ.
චිත්‍රපටයේ ග්‍රෙගරි කුරුමිණියකු බවට පත් වුණත් ඒ කුරුමිණියාට පවුලේ අයගෙන් තම පුතුට යැයි
සැලකුම් හා කෑම බීම යැවුණත් ඒ සතාගේ පැත්තෙන් කිසිම සන්නිවේදනයක් හෝ සංජානනයක් හෝ එන්නේ නැහැ දේවයන් වහන්ස.. කලා අධ්‍යක්ෂණය චන්ද්‍රගුප්ත තේනුවරගේ යැයි සඳහන් වී තිබුණේ වැරදීමකින් දේවයන් වහන්ස.. සමාවෙන්න


This comment has been removed by a blog administrator.
ReplyDelete