රාලහාමිලා නිසා මහපාරෙ ට්‍රැපික්
ඉස්සර වගේ නෙවෙයි දේවයන් වහන්ස! දැන් කාලෙ වාහන වැඩියි.
පොදු ප්‍රවාහනේ වළපල්ලට ගියාම තමතමන් වාහන ගන්නව. බොරුවක් නෙමෙයි. තමන් මොන
විදිහෙන් හරි හම්බ කරලා මිලදී ගත්ත වාහනේ මගදි වෙන කවුරුවත් නග්ගාගෙන යන්නෙ අහවල් දේකටයැ.
ඒක සමාජෙ තියෙන වහුකුණු කම වෙන්න පුළුවනි. අනෙකා ගැන හොයාබලනේක තුරන්වෙලා ගිහින්නෙ
තියෙන්නෙ. සල්ලි හම්බකරලා ලාභරේට්ටුව වැඩිකරගන්නේක නේ දැන් සිද්ධ වෙන්නෙ. අපි මීට
කලිනුත් කිවුවා වගේ ආදරය කියන කොන්දේසි විරහිත පරිත්‍යාගයට දැන් කෙළවිලා ගිහින්.
සේරම සිද්ධ වෙන්නෙ කොන්දේසි උඩනෙ දේවයන් වහන්ස!
වාහනවලින් පාර පිරුණම ඒවා එහාට මෙහොට තරගන්න කවුරුවත්
කැමැති නැත්තෙත් ඒ හින්දානෙ. අන්න එහෙම වෙලාවක තමයි අපට යුනිපෝම්කාර මහත්මයකුගේ
අත්උදවුව ඕන කරන්නෙ. ඒත් ඉතිං ඒකට පැය 24ක්ම
මහපාරෙ මුදුනෙ රාජකාරි කරන්න බැහැනෙ. ඒ හන්දාම තමයි පාරෙ මංසන්ධිවල සිග්නල් කණූ
සවිකරලා තියෙන්නෙ. පොලීසියේ රාලහාමි
කෙනෙක් නැති වුණත් ඒවා වැඩ. නමුත් දේවයන් වහන්ස!
ට්‍රැපික් රාලහාමියි, සිග්නල් ලයිටුයි දෙකම වැඩ කරන්න
පටන් අරන් තියෙන හන්දා එක තැනකට ගාල්කරන වාහන නිසා අමාරුවේ වැටෙන්නේ මගී ජනතාව වන
අපිනෙ. අනේ අපේ රාලහාමිලාට කියන්න දේවයන් වහන්ස. පොඩ්ඩක් පැත්තකට වෙලා හැංගිලා
බලන්ඉන්න කියලා. එතකොට පෙනේවි සිග්නල් කණුවලට කීකරුව වාහන සීරුමාරු වෙන හැටි.
දන්නවනෙ දේවයන් වහන්ස! පාරෙ නීතිය කැඩුවොත් එතැනදිම හොඳ සබ්බුවක් ලැබෙන විත්තිය.
එක්කො ඔන්දස්පොට්. නැත්නම් අංග විකල.
කෙහොම වුණත් කෑගහගෙන ගිලන්රථයක් ආවොත් නං රජ්ජුරුවන්ගෙ
පිරිච්ච බඩගෙඩියට කෙහෙල් ගෙඩියකුත් යැව්ව වගේ සියලු බාධක මැදින් ඒ ලෙඩාඩ යන්න
ලැබෙනව. ඒක ඉතින් නොකර පුළුවනෑ දේවයන් වහන්ස..සමහර රාලහාමිලා අර සිග්නල් කණුවල
ලයිටි නිවාදාලා අතින් සිග්නල් දදා වාහන හසුරවනවා මං දැකලා තියෙනව. ඒ මොකෝ දන්නෑ
දේවයන් වහන්ස!
No comments:
Post a Comment