මැතිවරණ කොමසාරිස් තුමාගේ ලොකු පරිප්පු හොද්ද
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ සුළුතරයට අගතියක් නොකර
බහුතරයේ මතය ක්‍රියාත්මක කිරීම.
රෑ කැමට පවුලක මවත් පියාත් ලොකු පුතාත් දියණියක් බත්
කෑමට ප්‍රිය කරනවා. නමුත් ඒ ගෙදර පොඩි පුතාත් චූටි දියණිත් ප්‍රිය කරන්නේ පාන් කෑමටයි.
එනම් මේ පවුලේ බහුතරය බත් කෑමටත්, සුළුතරය පාන් කෑමටත් කැමැතියි.
අම්මා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළේ ලොකු පරිප්පු
හොද්දක් හදලයි. කරවල බැදුමකුත් හැදුවා වැඩිපුර ලුණු දමලා
දැන් පාන් කන අයටත් බත් කන අයටත් දෙගොල්ලටම ලොකු පරිප්පු
හොද්දක් තියෙනවා. ඒ දෙගොල්ලටම කෑමට හැකි කරවල බැදුමකුත් තියෙනවා දේවයන් වහන්ස.. මේ
අපූරු පාඩම කියාදුන්නේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහත්තයා 2017 ජූනි
26 වැනිදා.
No comments:
Post a Comment