පත්තරයත් බඩුවක්.
අද සමාජෙ මොන වගේද! මේක
ඊනියා ධනේශ්වර සමාජයක් දේවයන් වහන්ස. ඒ කිවුවෙ හැමෝටම සිද්ධ වෙලා තියෙන්නෙ
මොනවාහරි විකුණලා තමතමන්ගේ ලාභ රේට්ටුව වැඩි කරගන්න. ඔන්න බලන්න දේවයන් වහන්ස..
ගෙදර තියෙන බඩුමුට්ටු , අඳින
පලඳින ඇඳුම්, ඇඟේ දුවන ලේ, ශරීරයේ අභ්‍යන්තර කොටස්, (වකුගඩු වගේ, ඇස් වගේ,)
විකුණලා ලාභ ලබනවා., තරගෙට. ගෑනුන්ට නං විකුණන්න ඇඟක් තියෙනව. ඒ අතරෙත් තරගයක්
තියෙනව.
අපි හැමෝටම ලේසියෙන්
විකුණන්න තියෙන්නෙ ් ශ්‍රමය. මේ ශ්‍රමය විකිණිල්ල ටයි එකක් දාගෙන කරන්නත්
පුළුවන්, අමුඩෙ ගහගෙන කරන්නත් පුළුවන්. අපි කවුරුත් ශ්‍රමිකයො, කෑලිවලට වැඩ කරන.
මාසෙ අන්තිමට ලැබෙන වැටුපෙත් තියෙන්නෙ දවස් කුලී. අපි හැමෝම කරන්නෙ එක වැඩේ නං ඒ
කියන්නෙ ශ්‍රමය විකුණනඑක නම් ඇයි කෙළගැනිලි. කෙළගන්නව නම් කියන්න ඕන වෙන දෙයක් නෙමෙයි.
දීමනා ලැබීමේ විසමතාව ගැන. එහෙම නේද දේවයන් වහන්ස. "තොට වැඩි පඩි. මට අඩු
පඩි."
මේ ඊනියා( අසම්පූර්ණ)
ධනේශ්වරය නිසා තමයි තමතමන්ගෙ පෙට්ටවලට තමතමන්ම ඇණ ගහගෙන ජීවිතේ ගෙනියන්නෙ, අනුන්ට
කෙළ වුණත් මොකෝ කියලා.
මේ නිසා අප කාටවත්
පඨිසෝතගාමී වෙන්න බැහැ. ණය තුරුස් වෙවී ජීවිතය ඉදිරියට තල්ලු නරන්නයි වෙලා
තියෙන්නෙ දේවයන් වහන්ස..
පාරිභෝගිකයන් කොටසකුත් මේ
අතර ඉන්නවා. ඔවුන් යම්යම් දේ සිල්ලරේට විකුණන්නෙ
වෙළෙන්න්ගෙ ගොදුරු බවට පත්වෙලා. ඒ කියන්නේ දෙගොල්ලම පීනනවා. හැබැයි ලොකු එකා පොඩි
එකාව ගොදුරු කරගන්නව.
No comments:
Post a Comment